Saturday, September 17, 2011

රත්තරන් පුතේ ඔයාව මට මතක් උනා

අහම්බෙන් වගෙ හිතට වැදුන සින්දුවක් සෙට් උනා අහන්න folder එකක් අස්සෙ තිබිලා.මේක මුලින්ම මම ඇහුවෙ 2008 අවුරුද්දෙදි මම කුරුණෑගල අපේ නෑ ගෙදරක නැවතිල ඉන්නකොට. මාර විදිහට සින්දුව හිතට ඇල්ලුවා. හොයල හොයලා අන්තිමෙදි අදුරන එකෙක් ලග තිබිල 2010 දි bluetooth කරගත්තා.මෙහෙම තමයි සින්දුව තියෙන්නෙ

පේදුරුතුඩුවෙන් එනකොට ලොරියක නැගලා....
වවුනියාවෙ යුධ හමුදා කදවුර දුටුවා....
රත්තරන් පුතේ ඔයාව මට මතක් උනා....
මේ තරම් ම ඉක්මනටම රට වෙනස් උනා....



රට වෙනුවෙන් සටනට ගිය මගෙ එකම පුතා
සීල් කරපු පෙට්ටියකින් ආවෙ ගෙට එදා
හිත හදන්න බැරි වුණු තැන අම්මා ලෙඩ උනා
ඒත් පුතේ බේරගන්න සල්ලි නැති උනා


පේදුරුතුඩුවෙන් එනකොට ......

බුදු බව අත්වේවා මගෙ එකම පුතාට
අපි ජීවත් කරන්න හරි සටන් කළාට
ලස්සන මල් පිපිලා ඔබෙ සොහොන වටේට
ඒත් පුතේ ලැබුණේ නෑ සාමය රටට


පේදුරුතුඩුවෙන් එනකොට ......


අහින්සක තාත්ත කෙනෙක්ගෙ දුක හිතෙ කතාවක් කියල ඇහුව හටියටම කියන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට.තමන්ගෙ එකම පුතා ගිහිල්ල සටන් කරන්න හමුදාවට.පුතාගෙ හිතේ තිබ්බ එකම අරමුණ තමන්ගෙ රට බේරගන්න එකමත් නෙමෙයි. තමන්ම එකම පිහිට උන අම්මවයි තාත්තවයි ජීවත් කරවන එක. සමහවෙලාවට මේ පුතාට හිතෙන්නෙ ඇති ඒකට හොදම විදිහ හමුදා සේවයට බැදෙන එක කියලා.


ඒත් මේ අසරණ පවුලෙ අවාසනාවටම පුතාට සිද්ධ වුණා රට වෙනුවෙන් දිවි දෙන්න. අන්තිමට ඒ අහින්සක දෙමව්පියන්ට පුතාගෙ මූණවත් බලාගන්න බැරිවුණා, මොකද පුතා ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියක.



පුතාව රාජ්ය ගෞරව ඇතිව භූමිදානය කෙරෙනවා. යන්තම් හරි හිතේ තිබ්බ ශක්තියෙන් තාත්තා හිතා හදාගන්නව පොඩ්ඩක් හරි,,,ඒත් හරිම අමාරුවෙන්. තමන්ගෙ එකම පුතා නැතිවුණ එක ගැන හිතල හිතලම අම්මට ලෙඩ වෙනවා. මේ අසනීප දවසින් දවස අම්මට වැඩිවෙනවා. බේතක් හේතක් කරන්නවත් කොහෙන්ඩ අර අසරණ තත්තට සල්ලි. තාත්ත කුලී වැඩක් කරල හම්බෙන සොච්චම් පඩියෙන්වත් රජයෙන් ලැබෙණ වන්දියෙන්වත් අම්මට බේත් කරගන්න බැරිවෙනවා. අන්තිමේදි තාත්ත විතරක් මේ ලෝකෙ තනි වෙනවා.


කාලය ගතවෙනවා මෙහෙම,දැන් හොදටම මහලු මේ තාත්තා වන්දනා නඩයක් එක්කල ලොරියක නැගල යාපනේ බලන්න යනවා. පේදුරුතුඩුව, කිලිනොච්චිය එහෙම පහු කරන් ආයෙත් එනකොට අතරමග හම්බෙන එනකොට වවුනියාවෙ Army camp එකේ ඉන්න හමුදා සෙබලු දකින තාත්තට කාලෙකට ඉස්සල්ලා මේ වගේම හැඩට , ගරු ගාම්භීර කමට ඇදගෙන රට බේරගන්න සටනට ගිය තමන්ගෙ එකම පුතාව මතක් වෙනවා
        
ටිකක් විතර නෙමෙයි ගොඩක්ම මට නම් මේ සින්දුව හිතට වැදුනා. ඒ හිතට ආව අදහස් ටික හදිස්සියේ එහෙන් මෙහෙන් ගලපලා කෙටුවා.

Thursday, September 1, 2011

පුංචි පැලේ දුකම තියේවී......හනික එන්න නුඹ සීදේවී

මේක මම අහපු සින්දුවක් මිස මගෙ නිර්මාණයක් නම් නෙවෙයි. අදහස ලස්සන නිසා යි බ්ලොග් එකේ දැම්මෙ.


කදුලු වලට සිනහා ගෙනෙන සුවද මලක් පිපුනා...
අදුරු අහස එලිය කරන සදටත් එය දැනුනා....
සොදුරු සිහින මැද නිදන්න නෙත පින්කර තිබුණා...
කවුලු දොරින් පියාඹන්න හිතටත් ඉඩ ලබුණා.....හිතටත් ඉඩ ලබුණා

දිලිදු ලොවට ඉසුරුමල් සොයන්
දුරු රටකට යන්න වුණි ගමන්
ගෙනා සිහින රැකගන්න තරම්
මිල කරන්න බෑ කදුලු අරන්
වෙහෙස දැනෙන හිතට දුක් සුසුම්......දරන්න පුලුවන්ද රත්තරන්

කදුලු වලට.......


හිනාවෙන්න ආව සමනලී
බලගන්න මට නොහැකි වුණී
දිවි බර මැද සෙනෙහස දැවුණී
සතුට සොයන් ගියත් ඉගිල්ලී
පුංචි පැලේ දුකම තියේවී......හනික එන්න නුඹ සීදේවී

කදුලු වලට.....