Friday, November 11, 2011

Rastafari


මාස ගානකට පස්සෙ කලපුවේ පාසි එහෙම අහක් කොරල බැස්සා. සියලු දෙනා මට සමාවන සේක්වා. පොඩ්ඩක් අවුල් සහගත මෙව්ව එක නිසා කාලයක් නිහඩ වෙලා උන්නෙ. ගොඩාක් අවුල් දැන් ලිහිලා වගේ හින්දා කලපුව රී-කන්ඩිශන් කොරලා ගන්න කියල හිතුවා.

කස්ටිය දන්නව නෙ Bob Marley, බුවා ගොඩාක් ෆේමස් Raggae වලට. ලොකේ පුරාම ගොඩාක් කස්ටිය අහන music style එකක් තමයි reggea කියන්නෙ. Bob Marley ගෙ appearence එක ගත්තම මුලින්ම පේන්නෙ ගොතපු කොන්ඩෙ , ගන්ජා සුරුට්ටුව & දිග රැවුල. මේක culture එකක් පොදුවෙම ගත්තොත් (ඒක ඉතින් ඕනෙ ම පොඩි එකෙක් දන්නව නෙ ) 

Rasta culture එක තමයි මේ. එලියට මෙහෙම හෙන සරල විදිහට පෙනුනට rasta කියන්නෙ ආගමක්. මේකෙ හරි නම තමයි Rastafari . මූලිකවම ඉතියෝපියා ව පදනම් කරගත්තත් rastafari ආගම බිහිවුනේ ජැමෙයිකාවෙ, ඒ 1930 දි. මේ ආගම මුලින්ම බිහිවුණේ කලු ජාතික වහලුන්ගෙන් පැවතගෙන එන ජැමෙයිකානුවන්ගෙන්. rastaල ගෙ දෙවියා නැත්තන් වන්දනා මාන වලට ලක් වන පුද්ගලයා තමයි ඉතියෝපියාවෙ Haile Selassie 1
 අධිරාජ්යායා. රස්තා ල මේ පුද්ගලයා ව සලකන්නෙ දෙවියන්ගේ පුනුරුත්පත්තිය නැත්තන් reincarnation of god යනුවෙන් .



 Haile Selassie 1


Rasta ල ගෙ පට්ට දිග ගැට ගැහුන කොන්ඩෙ නිසා පට්ට ලේසියි අදුරගන්න. මේකට හේතුව තමයි Rastafari ආගම ට අනුව ඔවුන් තට්ටය නොගෑ යුතු අතර යටි රැවුල ද නොකැපිය යුතුයි කියලා සදහන් වෙනවා. ඒත් කස්ටියකගේ මතය තමයි මේක rastaa ල වෙන සෙට් එකකඉන් ගහපු කොපියක් කියන එක. එයලා කියන විදිහට මේක කොපි කොරල තියෙන්නෙ 1953 දි කෙන්යාවෙ නිදහස් අරගලය සදහා කදු වැටි වල සැගවී සිට කොන්ඩ රැවුල් වවාගෙන සිටි mau mau  කැරලි කරුවන්ගෙන් කියලා. තවත්  මතයක් තමයි හින්දු තාපසයන්ගෙන් මේක rasta ල කොපි කරා කියන එක. මෙහෙම කොන්ඩෙ & රැවුල වැවීමෙන්  rasta ල බලාපොරොත්තු තමන් ගෙ සිරුර ස්වාභාවික විදිහට පවත්වාගෙන යන්න, මොකද මේ වගෙ වවන්න එයාල කරන එකම දේ තමයි කොන්ඩෙ & රැවුල කපන්නෙ, පීරන්නෙ නැතුව ඔහේ වැවෙන්න ඉඩ අරින එක. මේ හින්දා කාලයක් යද්දි කොන්ඩෙ ගැට ගහෙනවා ( අපි ට අප්පිරියා වුණාට ඉතින් උන් ට එහෙම නැතුව ඇති , නැත්තන් වවයි යැ ) . රස්ටා ලා ට අනුව rasta කෙනෙක් ගෙ කොන්ඩෙ දිගෙන් පිළිබිඹු වෙන්නෙ තමන් ගෙ දැනුම, නුවණ පරිණත බව සහ තමන් කොච්චර කාලයක් රස්ට කෙනෙක් වෙලා හිටියද කියන එක යි


Rasta ල එක්ක බද්ද වුණ දෙයක් තමයි cannabis නැත්තන් ඉංග්‍රීසියෙන් කිව්වොත් ගන්ජා. අපේ උන් මේක ආතල් එකට ගන්ජා ගැහුවට, මේක පාවිච්චි කරන්නෙ rasta ල තමන් ගෙ ශරීරය පිරිසිදු වෙන්න rastafari ආගමට අනුව. rasta ල ට ගන්ජා කියන්නෙ මත්ද්‍රව්යයක් නෙමෙයි ආගමික ඖශධයක්. මේක ම තමයි rastaලාගෙ පිටස්තර ලෝකය එක්ක තියෙන ගැටීමත්, මොකද අපි ඕනෙම කෙනෙක් දන්නව ගන්ජා කියන්නෙ තහනම් මත්ද්‍රව්යයක් කියලා. ජැමෙයිකාවෙ පවා ගන්ජා තහනම්. rasta ල ආගමික කටයුතු වල යෙදෙන්නෙත් ගන්ජා ගහලා ලු ( මුන්ට හුටන් ද අපි ට හුටන් ද කියල නම් අහන්න එපා ).

රතු, රන් & කොළ කියන්නෙ rasta ල ගෙ පාට තුන , මෙව්වගෙන් කියවෙන තේරුම් තියෙනව වෙන වෙන ම.
රතු පාටින් සන්කේතවත් වෙන්නෙ රුධිරය.
එතකොට රන් පැහැය කියන්නෙ අප්‍රිකාවෙ   රත්තරන් ගැන ( නෑ නෑ රත්තරන් කිව්වෙ ගෑනු ළමෙක්ට නෙමෙයි ) .
එතකොට ගහකොළ තමයි කොළ පැහැයෙන් කියවෙන්නෙ. 

ඔන්න රස්ටා ල ගැන කිය කිය ඉන්නකොට මට කතාවක් මතක් වුණා අවුරුද්දකට කලින් විතර වුණ. මේකෙන් ම පෝස්ට් එක ඉවර කොරල දාන්න හිතුනා ඉතින්


මට වුණ සීන් එකක්,හැබැයි මට ම නෙමෙයි, අපේ ලොකු අම්මගෙ හිච්චි එකාට . ඩයල් ඒක ඒ දවස්වල හිටියෙ 3 වසරෙ. අපි බුවාට පොඩ්ඩා කියමු.පොඩ්ඩා ඉතින් අපේ ගෙදර ආවම මගෙ පස්සෙමයි. ඔන්න දවසක් මම ඩයල් එකට පාරෙ යන rasta කෙනෙක් ව පෙන්නුවා.


rasta කිව්වට ඉතින් කොන්ඩෙ වවලා ඒ reggae type කිට් එකක් ගහගෙන යන නෝර්මල් පොරක්. දැන් ඉතින් අපේ පොඩ්ඩා මගෙන් අහනවා කොහොමද rasta කෙනෙක් වෙන්නෙ කියලා. මම ඉතින් ආතල් එකට වගේ මු ට කිව්වා "මල්ලි ,rasta කෙනෙක් වෙන්න ඕනෙ නම් දිගට කොන්ඩෙ වවන්න ඕනේ" කියලා.


ඔහොම ටික දවසක් ගියා කියමුකො. ඔන්න දවසක් මම රෑ 8 ට විතර පාරට ගියා පොඩි වැඩ වගේකට. පොඩ්ඩ ත් ඉතින් මගෙ එක්කම ආව බුවා ට කම්මැලියි කියලා.
එන ගමන් හන්දියේ කොත්තු කඩේට ගිහිල්ලා කොත්තු දෙකකුත් අරගෙනම එන්න ආව එනකොට. ඔන්න ඒ වෙලාවෙ කොත්තුවක් ගන්න (තොත්තුවක් එහෙම නෙමෙයි ඕන් ) ආව ටිකක් විතර වයසක අන්කල් කෙනෙක්. පොඩි එකා දැන් මේ අන්කල් දිහාම බලන් ඉන්නව. අන්කල් ගියාට පස්සෙ මම ඇහුව මොකෝ ඒ බලාගෙන හිටියෙ කියලා. මූ ඒ පාර මට කියාපි " ..... අයියේ ඒ අන්කල් rasta කෙනෙක් නේද ?" කියල.


මම දෙහුටන් වෙලා ටිකක් කල්පනා කරක ඇහුවා ඒ මොකෝ එහෙම කියන්නෙ කියලා.මම ආයෙත් ඇහුවා ඉතින් ඒ අහින්සක මනුස්සය rasta කෙනෙක් වෙන්නෙ කොහොමෙයි කියලා. ඉන් පස්සෙ මූ කියනවා මට.
.
.
.
.
"  ඇයි අයියේ ඒ අන්කල් කොන්ඩෙ වවලා නෙ"
කියලා.







Saturday, September 17, 2011

රත්තරන් පුතේ ඔයාව මට මතක් උනා

අහම්බෙන් වගෙ හිතට වැදුන සින්දුවක් සෙට් උනා අහන්න folder එකක් අස්සෙ තිබිලා.මේක මුලින්ම මම ඇහුවෙ 2008 අවුරුද්දෙදි මම කුරුණෑගල අපේ නෑ ගෙදරක නැවතිල ඉන්නකොට. මාර විදිහට සින්දුව හිතට ඇල්ලුවා. හොයල හොයලා අන්තිමෙදි අදුරන එකෙක් ලග තිබිල 2010 දි bluetooth කරගත්තා.මෙහෙම තමයි සින්දුව තියෙන්නෙ

පේදුරුතුඩුවෙන් එනකොට ලොරියක නැගලා....
වවුනියාවෙ යුධ හමුදා කදවුර දුටුවා....
රත්තරන් පුතේ ඔයාව මට මතක් උනා....
මේ තරම් ම ඉක්මනටම රට වෙනස් උනා....



රට වෙනුවෙන් සටනට ගිය මගෙ එකම පුතා
සීල් කරපු පෙට්ටියකින් ආවෙ ගෙට එදා
හිත හදන්න බැරි වුණු තැන අම්මා ලෙඩ උනා
ඒත් පුතේ බේරගන්න සල්ලි නැති උනා


පේදුරුතුඩුවෙන් එනකොට ......

බුදු බව අත්වේවා මගෙ එකම පුතාට
අපි ජීවත් කරන්න හරි සටන් කළාට
ලස්සන මල් පිපිලා ඔබෙ සොහොන වටේට
ඒත් පුතේ ලැබුණේ නෑ සාමය රටට


පේදුරුතුඩුවෙන් එනකොට ......


අහින්සක තාත්ත කෙනෙක්ගෙ දුක හිතෙ කතාවක් කියල ඇහුව හටියටම කියන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට.තමන්ගෙ එකම පුතා ගිහිල්ල සටන් කරන්න හමුදාවට.පුතාගෙ හිතේ තිබ්බ එකම අරමුණ තමන්ගෙ රට බේරගන්න එකමත් නෙමෙයි. තමන්ම එකම පිහිට උන අම්මවයි තාත්තවයි ජීවත් කරවන එක. සමහවෙලාවට මේ පුතාට හිතෙන්නෙ ඇති ඒකට හොදම විදිහ හමුදා සේවයට බැදෙන එක කියලා.


ඒත් මේ අසරණ පවුලෙ අවාසනාවටම පුතාට සිද්ධ වුණා රට වෙනුවෙන් දිවි දෙන්න. අන්තිමට ඒ අහින්සක දෙමව්පියන්ට පුතාගෙ මූණවත් බලාගන්න බැරිවුණා, මොකද පුතා ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියක.



පුතාව රාජ්ය ගෞරව ඇතිව භූමිදානය කෙරෙනවා. යන්තම් හරි හිතේ තිබ්බ ශක්තියෙන් තාත්තා හිතා හදාගන්නව පොඩ්ඩක් හරි,,,ඒත් හරිම අමාරුවෙන්. තමන්ගෙ එකම පුතා නැතිවුණ එක ගැන හිතල හිතලම අම්මට ලෙඩ වෙනවා. මේ අසනීප දවසින් දවස අම්මට වැඩිවෙනවා. බේතක් හේතක් කරන්නවත් කොහෙන්ඩ අර අසරණ තත්තට සල්ලි. තාත්ත කුලී වැඩක් කරල හම්බෙන සොච්චම් පඩියෙන්වත් රජයෙන් ලැබෙණ වන්දියෙන්වත් අම්මට බේත් කරගන්න බැරිවෙනවා. අන්තිමේදි තාත්ත විතරක් මේ ලෝකෙ තනි වෙනවා.


කාලය ගතවෙනවා මෙහෙම,දැන් හොදටම මහලු මේ තාත්තා වන්දනා නඩයක් එක්කල ලොරියක නැගල යාපනේ බලන්න යනවා. පේදුරුතුඩුව, කිලිනොච්චිය එහෙම පහු කරන් ආයෙත් එනකොට අතරමග හම්බෙන එනකොට වවුනියාවෙ Army camp එකේ ඉන්න හමුදා සෙබලු දකින තාත්තට කාලෙකට ඉස්සල්ලා මේ වගේම හැඩට , ගරු ගාම්භීර කමට ඇදගෙන රට බේරගන්න සටනට ගිය තමන්ගෙ එකම පුතාව මතක් වෙනවා
        
ටිකක් විතර නෙමෙයි ගොඩක්ම මට නම් මේ සින්දුව හිතට වැදුනා. ඒ හිතට ආව අදහස් ටික හදිස්සියේ එහෙන් මෙහෙන් ගලපලා කෙටුවා.

Thursday, September 1, 2011

පුංචි පැලේ දුකම තියේවී......හනික එන්න නුඹ සීදේවී

මේක මම අහපු සින්දුවක් මිස මගෙ නිර්මාණයක් නම් නෙවෙයි. අදහස ලස්සන නිසා යි බ්ලොග් එකේ දැම්මෙ.


කදුලු වලට සිනහා ගෙනෙන සුවද මලක් පිපුනා...
අදුරු අහස එලිය කරන සදටත් එය දැනුනා....
සොදුරු සිහින මැද නිදන්න නෙත පින්කර තිබුණා...
කවුලු දොරින් පියාඹන්න හිතටත් ඉඩ ලබුණා.....හිතටත් ඉඩ ලබුණා

දිලිදු ලොවට ඉසුරුමල් සොයන්
දුරු රටකට යන්න වුණි ගමන්
ගෙනා සිහින රැකගන්න තරම්
මිල කරන්න බෑ කදුලු අරන්
වෙහෙස දැනෙන හිතට දුක් සුසුම්......දරන්න පුලුවන්ද රත්තරන්

කදුලු වලට.......


හිනාවෙන්න ආව සමනලී
බලගන්න මට නොහැකි වුණී
දිවි බර මැද සෙනෙහස දැවුණී
සතුට සොයන් ගියත් ඉගිල්ලී
පුංචි පැලේ දුකම තියේවී......හනික එන්න නුඹ සීදේවී

කදුලු වලට.....

Wednesday, August 24, 2011

මෙන්න යකෝ එක පාරටම වහිනවා

පාන්දර 2ට විතර වෙලාව. සුපුරුදු ලෙස වාලක්කඩියා තමන්ගෙ ආදරනීය වෙන්ඩ වයිෆ් සමග මලක් කඩ කඩ ඉන්නව. වාලක්කඩියට පාන්දර දෙක උනාට අනිත් කෙනාට 5.30ට විතර (ඔව් ඔව් වාලක්කඩිය these days වල ඉන්නෙ ලංකාවෙ නෙමෙයි බොල )
 බුවා ඉතින් මල කඩන්නෙ ලෑප් එකෙන් (පේස් බුකිය ආධාරයෙන් ). ඇපාර්ට්මන්ට් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ උගෙ රූම් එකේ ජනේලයක් අයිනෙ ලැපත් තියාගෙන කන පෑලෙන්ඩ nonstop එකකුත් දාගෙන හරි හරියට වෑඩ ලු.


ඔය කියන දවසෙ රෑ ( පාන්දර )පට්ට රස්නෙයි ලු, ඒ නිසා වාලක්කඩිය ඉන්නම බෑරි තෑන ඇරිය ජනේලෙ. ටික වෙලාවකින් දෑන් මුට දෑනෙනව වතුර බින්දු දෙක තුනක්  ඔලුව මතට පතිත වෙනවා. ගනන් ගත්තෙ නෑ


තව සුලු වේලාවක් ගත වෙනවාත් සමගම මල් වෑස්සක් වගෙ වතුර පාරක් රූම් එක අතුලට එනවා...ම්හ් ම්හ් යකෝ මෙන්න එක පාරටම වහිනවා,,,එහෙම කොහොමෙයි වෙන්නෙ. ඒ මදිවට  මාර ප්‍රෙශර් එකකින් එන්නෙ. කෝකෙටත් ජනේලෙන් ඔලුව දාල බෑලුවා. අප්පද බොල.....පහල ගෙදර එකා යට ඉදන් හෝර්ස් එක අල්ලල තියෙන්නෙ ..ඌට සද්දෙ වෑඩි නිසා මල පෑනල වෙන්ට ඕනෙ, ඩයල් එකේ මෙහෙ රටේම එකෙක්. මූ මගෙ රූම් එක පෑත්තට හෑරිලා මොනවදෝ දොඩෝනව උන්ගෙ බාසාවෙන්. මම ඉතින් උට ඕනෙ රෙද්දක් කියන්න කියල කට පියාගෙන හිටියා ........ හේතු දෙකක් මත





1)සම්පූර්ණ වරද මගෙ අතේ වීම
2)ඌ කියපු කිසිම දෙයක් මට නොතේරීම


අනේ බම්බු ගහගනින් කියල මම ජනේලෙත් වහලා දාල...volume එකත් හිච්චක් විතර අඩු කොරල, ආයෙත් කොරගෙන ගිය වෑඩේට එන්ටර උනා

Sunday, August 21, 2011

ඔලුව කෑම

මේ පෝස්ට් එකම , ඔලුව කෑම නමින්ම මම විසින් අන්තිම පේලියේ ඵල කර ඇති බව කරුනාවෙන් සලකන්න.


ඔය ගොඩක් පවුල්වල කට්ටිය,,,ඒ කිව්වෙ විශේෂයෙන්ම පිරිමි කට්ටිය කියන දෙයක් තමයි තමන්ගෙ නෝන තම්න්ගෙ ඔලුව කනවා ය කියන එක. මේක ඉතින් ඇත්තටම වෙන දෙයක් නෙමෙයි කියලා ඕනෙම පොඩි ළමෙක්ට උනත් තේරෙනවා නෙ. ඒ උනාට අහල තියෙනවද ඇත්තටම තමන්ගෙ සෑමියගෙ..( සෑමියගෙ කියනවට වඩා සහකාරයා කියන එක වඩාත් ගෑලපෙනවා ) සහකාරයගෙ ඔලුව කන අය ගෑන. බය වෙන්න කාරියක් නෑ මෙයාල මිනිස්සු නම් නෙමෙයි.
අහලා ඇති නේ වන්දො (praying mantis) කියලා සත්තු ජාතියක් ගෑන, ගොඩක් දුරට තණකොල පෙත්තන්ට සමානයි. දෑකල නෑත්නම් මේ ඉන්න බලගන්න.



වන්දා (praying mantis)
තණකොල පෙත්තා වගේ උනාට…එයාල තරම් වන්දො අහින්සක නෑ. වන්දා කියන්නෙ මාංශභක්ශකයෙක්. මෙයාල තමන්ට වඩා ලොකු සතෙක් උනත් ආහරයට ගන්නව, කොටින්ම කිව්වොත් තමන්ව ආහරයට ගන්න බෑරි ඕනම තමන්ගෙ ප්‍රමාණයට සරිලන සතෙක්ව මෙයා ආහරයට ගන්නව ( මීයො, පොඩි කුරුල්ලො වගේ සතුන් පවා ). ඒකෙන්ම තේරෙනවා ඇති නෙ කස්ටියගෙ තරම
පෑණි කුරුල්ලෙක් ගොදුරු කරගෙන සිටින වන්දෙක්
ඊටත් වෑඩිය පුදුම දෙයක් තියෙනවා වන්දන්ගෙ. ඒ තමයි මෙයාලගෙ ගෑනු සත්තු ලිංගික සන්සර්ගයෙන් පස්සෙ පිරිමි සතාගෙ ඔලුව ආහාරයට ගන්න එක. මේක වන්දන්ගෙ පමණක්ම නෙමෙයි තව මකුලුව සහ ගෝනුසු විශේෂ කීපයකම දකින්න තියෙන හසිරීම් රටාවක්. මේක විද්යාත්මකව හදුන්වන්නෙ sexual cannibalism කියලා. ඒක තවත් දුරට පෑහෑදිලි කලොත්Athrapoda කුලයේ සතුන්, තමන් ලිංගික සන්සර්ගයේ යෙදීමට පෙර , ඒ අතුර තුරදී හෝ ඉන් අනතුරුව තම සහකරුවා ව ආහරයට ගෑනීම sexual cannibalism ලෙස හදුන්වනවා.
තම සහකරු ගේ හිස ආහරයට ගනිමින් සිටින වන්දා ගෑහෑනු සතෙක්
මේකට හේතු ගොඩක් බලපානව. පොදුවේ මේකට බලපාන හේතුව තමයි ගෑනු සතා ගොඩාක් බඩගින්නෙ ඉන්න එක. දවසකට සතුන් ( බොහෝවිට වෙනත් කෘමීන් 6-7ක් අතර සංඛ්යාවක් ආහාරයට ගන්නවා ). ඉතින් තමන්ගෙ ජාතියෙ සතෙක් හම්බ උනොත් මෙයාල ආහරයට ගන්න පෑකිලෙන්නෙ නෑ. බොහෝවිට සන්සර්ගය අවසන් උන හෑටියෙම පිරිමි සතාගෙ ඔලුව ඉදලා සම්පූර්න සතාවම උනත් කනවා.
තව හේතුවක් තමයි ගෑනු සතා අකමෑති, ඒ කියන්නෙ වෙනස් ජාන සහිත පිරිමි සතෙක් සන්සර්ගය සදහා ආවම.මෙහෙම වෙලාවල් වලදී ගෑනු සතා පිරිමි සතාව ප්‍රතික්ශේප කරන්නෙ ඒ සතාව ආහරයට අරගෙන. (cannibalising unwanted males)
අනිත් හේතුව විදිහට ගන්න පුලුවන් පිරිමි සතා ස්ව කෑමෑත්තෙන්ම සන්සර්ගයකින් පසු තමන්ගෙ සහකාරියගෙ ආහරය වෙන එක. මේකට මූලික හේතුව තමයි පිරිමි සතාගෙ සිරුරේ තියෙන පෝශ්ය පදාර්ථ ගෑනු සතාගෙ බීජ වල සරු බව වෑඩි කිරීමට උපකාරි වෙන එක. ඒ නිසා මේ සන්සර්ගය වඩා සාර්ථක එකක් බවට පත් වෙනවා (to gain reproductive success)
තවත් හේතු රාශියක් තිබුනත් මේ හේතු තමයි පොදුවේම මේ හෑසිරීමට හේතු ලෙස බොහෝ සත්ව වේදීන් දක්වන්නෙ. සත්ව ලෝකයේ සිදුවෙන අරුම පුදුම දේවල් අතරින් එක දෙයක් තමයි මේක.