මාස ගානකට පස්සෙ කලපුවේ පාසි එහෙම අහක් කොරල බැස්සා. සියලු දෙනා මට සමාවන සේක්වා. පොඩ්ඩක් අවුල් සහගත මෙව්ව එක නිසා කාලයක් නිහඩ වෙලා උන්නෙ. ගොඩාක් අවුල් දැන් ලිහිලා වගේ හින්දා කලපුව රී-කන්ඩිශන් කොරලා ගන්න කියල හිතුවා.කස්ටිය දන්නව නෙ Bob Marley, බුවා ගොඩාක් ෆේමස් Raggae වලට. ලොකේ පුරාම ගොඩාක් කස්ටිය අහන music style එකක් තමයි reggea කියන්නෙ. Bob Marley ගෙ appearence එක ගත්තම මුලින්ම පේන්නෙ ගොතපු කොන්ඩෙ , ගන්ජා සුරුට්ටුව & දිග රැවුල. මේක culture එකක් පොදුවෙම ගත්තොත් (ඒක ඉතින් ඕනෙ ම පොඩි එකෙක් දන්නව නෙ )
Rasta culture එක තමයි මේ. එලියට මෙහෙම හෙන සරල විදිහට පෙනුනට rasta කියන්නෙ ආගමක්. මේකෙ හරි නම තමයි Rastafari . මූලිකවම ඉතියෝපියා ව පදනම් කරගත්තත් rastafari ආගම බිහිවුනේ ජැමෙයිකාවෙ, ඒ 1930 දි. මේ ආගම මුලින්ම බිහිවුණේ කලු ජාතික වහලුන්ගෙන් පැවතගෙන එන ජැමෙයිකානුවන්ගෙන්. rastaල ගෙ දෙවියා නැත්තන් වන්දනා මාන වලට ලක් වන පුද්ගලයා තමයි ඉතියෝපියාවෙ Haile Selassie 1 අධිරාජ්‍යායා. රස්තා ල මේ පුද්ගලයා ව සලකන්නෙ දෙවියන්ගේ පුනුරුත්පත්තිය නැත්තන් reincarnation of god යනුවෙන් .
| Haile Selassie 1 |
Rasta ල එක්ක බද්ද වුණ දෙයක් තමයි cannabis නැත්තන් ඉංග්‍රීසියෙන් කිව්වොත් ගන්ජා. අපේ උන් මේක ආතල් එකට ගන්ජා ගැහුවට, මේක පාවිච්චි කරන්නෙ rasta ල තමන් ගෙ ශරීරය පිරිසිදු වෙන්න rastafari ආගමට අනුව. rasta ල ට ගන්ජා කියන්නෙ මත්ද්‍රව්‍යයක් නෙමෙයි ආගමික ඖශධයක්. මේක ම තමයි rastaලාගෙ පිටස්තර ලෝකය එක්ක තියෙන ගැටීමත්, මොකද අපි ඕනෙම කෙනෙක් දන්නව ගන්ජා කියන්නෙ තහනම් මත්ද්‍රව්‍යයක් කියලා. ජැමෙයිකාවෙ පවා ගන්ජා තහනම්. rasta ල ආගමික කටයුතු වල යෙදෙන්නෙත් ගන්ජා ගහලා ලු ( මුන්ට හුටන් ද අපි ට හුටන් ද කියල නම් අහන්න එපා ).රතු, රන් & කොළ කියන්නෙ rasta ල ගෙ පාට තුන , මෙව්වගෙන් කියවෙන තේරුම් තියෙනව වෙන වෙන ම.
රතු පාටින් සන්කේතවත් වෙන්නෙ රුධිරය.
එතකොට රන් පැහැය කියන්නෙ අප්‍රිකාවෙ රත්තරන් ගැන ( නෑ නෑ රත්තරන් කිව්වෙ ගෑනු ළමෙක්ට නෙමෙයි ) .
එතකොට ගහකොළ තමයි කොළ පැහැයෙන් කියවෙන්නෙ.
ඔන්න රස්ටා ල ගැන කිය කිය ඉන්නකොට මට කතාවක් මතක් වුණා අවුරුද්දකට කලින් විතර වුණ. මේකෙන් ම පෝස්ට් එක ඉවර කොරල දාන්න හිතුනා ඉතින්මට වුණ සීන් එකක්,හැබැයි මට ම නෙමෙයි, අපේ ලොකු අම්මගෙ හිච්චි එකාට . ඩයල් ඒක ඒ දවස්වල හිටියෙ 3 වසරෙ. අපි බුවාට පොඩ්ඩා කියමු.පොඩ්ඩා ඉතින් අපේ ගෙදර ආවම මගෙ පස්සෙමයි. ඔන්න දවසක් මම ඩයල් එකට පාරෙ යන rasta කෙනෙක් ව පෙන්නුවා.
rasta කිව්වට ඉතින් කොන්ඩෙ වවලා ඒ reggae type කිට් එකක් ගහගෙන යන නෝර්මල් පොරක්. දැන් ඉතින් අපේ පොඩ්ඩා මගෙන් අහනවා කොහොමද rasta කෙනෙක් වෙන්නෙ කියලා. මම ඉතින් ආතල් එකට වගේ මු ට කිව්වා "මල්ලි ,rasta කෙනෙක් වෙන්න ඕනෙ නම් දිගට කොන්ඩෙ වවන්න ඕනේ" කියලා.
ඔහොම ටික දවසක් ගියා කියමුකො. ඔන්න දවසක් මම රෑ 8 ට විතර පාරට ගියා පොඩි වැඩ වගේකට. පොඩ්ඩ ත් ඉතින් මගෙ එක්කම ආව බුවා ට කම්මැලියි කියලා.
එන ගමන් හන්දියේ කොත්තු කඩේට ගිහිල්ලා කොත්තු දෙකකුත් අරගෙනම එන්න ආව එනකොට. ඔන්න ඒ වෙලාවෙ කොත්තුවක් ගන්න (තොත්තුවක් එහෙම නෙමෙයි ඕන් ) ආව ටිකක් විතර වයසක අන්කල් කෙනෙක්. පොඩි එකා දැන් මේ අන්කල් දිහාම බලන් ඉන්නව. අන්කල් ගියාට පස්සෙ මම ඇහුව මොකෝ ඒ බලාගෙන හිටියෙ කියලා. මූ ඒ පාර මට කියාපි " ..... අයියේ ඒ අන්කල් rasta කෙනෙක් නේද ?" කියල.මම දෙහුටන් වෙලා ටිකක් කල්පනා කරක ඇහුවා ඒ මොකෝ එහෙම කියන්නෙ කියලා.මම ආයෙත් ඇහුවා ඉතින් ඒ අහින්සක මනුස්සය rasta කෙනෙක් වෙන්නෙ කොහොමෙයි කියලා. ඉන් පස්සෙ මූ කියනවා මට.
.
.
.
.
" ඇයි අයියේ ඒ අන්කල් කොන්ඩෙ වවලා නෙ"
කියලා.









