Saturday, September 17, 2011

රත්තරන් පුතේ ඔයාව මට මතක් උනා

අහම්බෙන් වගෙ හිතට වැදුන සින්දුවක් සෙට් උනා අහන්න folder එකක් අස්සෙ තිබිලා.මේක මුලින්ම මම ඇහුවෙ 2008 අවුරුද්දෙදි මම කුරුණෑගල අපේ නෑ ගෙදරක නැවතිල ඉන්නකොට. මාර විදිහට සින්දුව හිතට ඇල්ලුවා. හොයල හොයලා අන්තිමෙදි අදුරන එකෙක් ලග තිබිල 2010 දි bluetooth කරගත්තා.මෙහෙම තමයි සින්දුව තියෙන්නෙ

පේදුරුතුඩුවෙන් එනකොට ලොරියක නැගලා....
වවුනියාවෙ යුධ හමුදා කදවුර දුටුවා....
රත්තරන් පුතේ ඔයාව මට මතක් උනා....
මේ තරම් ම ඉක්මනටම රට වෙනස් උනා....



රට වෙනුවෙන් සටනට ගිය මගෙ එකම පුතා
සීල් කරපු පෙට්ටියකින් ආවෙ ගෙට එදා
හිත හදන්න බැරි වුණු තැන අම්මා ලෙඩ උනා
ඒත් පුතේ බේරගන්න සල්ලි නැති උනා


පේදුරුතුඩුවෙන් එනකොට ......

බුදු බව අත්වේවා මගෙ එකම පුතාට
අපි ජීවත් කරන්න හරි සටන් කළාට
ලස්සන මල් පිපිලා ඔබෙ සොහොන වටේට
ඒත් පුතේ ලැබුණේ නෑ සාමය රටට


පේදුරුතුඩුවෙන් එනකොට ......


අහින්සක තාත්ත කෙනෙක්ගෙ දුක හිතෙ කතාවක් කියල ඇහුව හටියටම කියන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට.තමන්ගෙ එකම පුතා ගිහිල්ල සටන් කරන්න හමුදාවට.පුතාගෙ හිතේ තිබ්බ එකම අරමුණ තමන්ගෙ රට බේරගන්න එකමත් නෙමෙයි. තමන්ම එකම පිහිට උන අම්මවයි තාත්තවයි ජීවත් කරවන එක. සමහවෙලාවට මේ පුතාට හිතෙන්නෙ ඇති ඒකට හොදම විදිහ හමුදා සේවයට බැදෙන එක කියලා.


ඒත් මේ අසරණ පවුලෙ අවාසනාවටම පුතාට සිද්ධ වුණා රට වෙනුවෙන් දිවි දෙන්න. අන්තිමට ඒ අහින්සක දෙමව්පියන්ට පුතාගෙ මූණවත් බලාගන්න බැරිවුණා, මොකද පුතා ගෙදර ආවෙ සීල් කරපු පෙට්ටියක.



පුතාව රාජ්ය ගෞරව ඇතිව භූමිදානය කෙරෙනවා. යන්තම් හරි හිතේ තිබ්බ ශක්තියෙන් තාත්තා හිතා හදාගන්නව පොඩ්ඩක් හරි,,,ඒත් හරිම අමාරුවෙන්. තමන්ගෙ එකම පුතා නැතිවුණ එක ගැන හිතල හිතලම අම්මට ලෙඩ වෙනවා. මේ අසනීප දවසින් දවස අම්මට වැඩිවෙනවා. බේතක් හේතක් කරන්නවත් කොහෙන්ඩ අර අසරණ තත්තට සල්ලි. තාත්ත කුලී වැඩක් කරල හම්බෙන සොච්චම් පඩියෙන්වත් රජයෙන් ලැබෙණ වන්දියෙන්වත් අම්මට බේත් කරගන්න බැරිවෙනවා. අන්තිමේදි තාත්ත විතරක් මේ ලෝකෙ තනි වෙනවා.


කාලය ගතවෙනවා මෙහෙම,දැන් හොදටම මහලු මේ තාත්තා වන්දනා නඩයක් එක්කල ලොරියක නැගල යාපනේ බලන්න යනවා. පේදුරුතුඩුව, කිලිනොච්චිය එහෙම පහු කරන් ආයෙත් එනකොට අතරමග හම්බෙන එනකොට වවුනියාවෙ Army camp එකේ ඉන්න හමුදා සෙබලු දකින තාත්තට කාලෙකට ඉස්සල්ලා මේ වගේම හැඩට , ගරු ගාම්භීර කමට ඇදගෙන රට බේරගන්න සටනට ගිය තමන්ගෙ එකම පුතාව මතක් වෙනවා
        
ටිකක් විතර නෙමෙයි ගොඩක්ම මට නම් මේ සින්දුව හිතට වැදුනා. ඒ හිතට ආව අදහස් ටික හදිස්සියේ එහෙන් මෙහෙන් ගලපලා කෙටුවා.

11 comments:

  1. අඩේ...හිතට ගොඩක් වදින සිංදුවක්නෙ මලයො...
    කවුද ගායකයා.....

    ආයිමත් වැඩ පටන් ගත්ත එහෙනම්..එල එල....!!

    ReplyDelete
  2. ඒක නම් හරියටම දන්නෙ නෑ පිසා අයියෙ,,,,අලුතින් වැඩ පටන් ගත්ත උපන් දිනේ දවසෙම ,,,,උදේ පාන්දරම පිසා අයියා,,,,ෆට්ට

    ReplyDelete
  3. anee me sinduwa harima ahinsakayi.............. [bs]

    ReplyDelete
  4. @bs- ඔයත් ඒ තරමටම,,,,ඊටත් වැඩිය අහින්සකයි

    ReplyDelete
  5. Godak hithata wedenawa malliya me liyala thyana dewal

    ReplyDelete
  6. @Anonymous-බොහොම ස්තූති අයියෙ මේ පැත්තෙ ඇවිල්ල ගියාට....

    ReplyDelete
  7. අඩේ ලස්සන සිංදුවක් නේ. මම මේක අදමයි ඇහුවේ. කවුද අප්පේ මෙච්චර ලස්සන සිංදුව කියන ගායකයා ?

    ReplyDelete
  8. හරිම දුක හිතෙනව මල්ලි.යො....ලස්සනට ලියලා...

    ReplyDelete
  9. @මධුරංග- මම ඔයාට මේ සින්දුවේ ලින්ක් එක ඊයකින් එවන්නම් සහෝ

    @සුද්දි අක්කා- ඔව් අක්කෙ මේ සින්දුව ගොඩාක් දුක හිතෙන එකක්,,,,,,බොහෝම ස්තූති අක්කටත්

    ReplyDelete
  10. ඔය වගේ කතා ගොඩක් ලංකාවේ තියනවා මල්ලී. එකම වගේ කතන්දර. ඔය සින්දුව විතරක් නෙවෙයි යුද්දේ නිසා මිනිස්සු වින්ද වේදනා කන්දේ හැටියට යුද්දෙන් පස්සේ වෙනම සාහිත්‍යයක් බිහිවෙන්න ඕනේ හරිනම්....

    ReplyDelete
  11. සින්දුව ගති ,ලස්සන විචාරයක් දීල තියෙන්නේ අඩන්නම

    ReplyDelete