Thursday, September 1, 2011

පුංචි පැලේ දුකම තියේවී......හනික එන්න නුඹ සීදේවී

මේක මම අහපු සින්දුවක් මිස මගෙ නිර්මාණයක් නම් නෙවෙයි. අදහස ලස්සන නිසා යි බ්ලොග් එකේ දැම්මෙ.


කදුලු වලට සිනහා ගෙනෙන සුවද මලක් පිපුනා...
අදුරු අහස එලිය කරන සදටත් එය දැනුනා....
සොදුරු සිහින මැද නිදන්න නෙත පින්කර තිබුණා...
කවුලු දොරින් පියාඹන්න හිතටත් ඉඩ ලබුණා.....හිතටත් ඉඩ ලබුණා

දිලිදු ලොවට ඉසුරුමල් සොයන්
දුරු රටකට යන්න වුණි ගමන්
ගෙනා සිහින රැකගන්න තරම්
මිල කරන්න බෑ කදුලු අරන්
වෙහෙස දැනෙන හිතට දුක් සුසුම්......දරන්න පුලුවන්ද රත්තරන්

කදුලු වලට.......


හිනාවෙන්න ආව සමනලී
බලගන්න මට නොහැකි වුණී
දිවි බර මැද සෙනෙහස දැවුණී
සතුට සොයන් ගියත් ඉගිල්ලී
පුංචි පැලේ දුකම තියේවී......හනික එන්න නුඹ සීදේවී

කදුලු වලට.....

5 comments:

  1. ආව්ව් ආව්.....ඔහොම යන් ඔහොම යන්..

    ReplyDelete
  2. තැන්කුයි තැන්කුයි වේවා අක්කා,,,(මේ කොහොමද දන්නෑ යන්ට කිව්වෙ නෙ )

    ReplyDelete
  3. ලස්සනයි මලයො...
    ඒක් නෙවෙයි මේකෙ MP3 එකේ ලින්ක් එකවත් දාපන්කො අපිට බාගෙන අහන්න

    ReplyDelete
  4. අනේ වාලක්කඩියෝ මෙහෙම කිව්වට තරහ වෙන්න නම් එපා, මේක මෙච්චර කළු පාට කලපුවේ වැවිලා තියන පෙද පාසි නිසාද? පොඩ්ඩක් සුද්ද කරලා දාපන් සමහර පොස්ට් කියවන්න ගියාම පිස්සු හැදෙනවා

    ReplyDelete
  5. @පිසා - දාන්ට නම් පුලුවනි පිසා අයිය....බට් ක්‍රමේ දන්නෙ නෑ නෙව (මම තාම අලුත් එකා නෙව )
    @අම්බලම- බොහෝම ස්තූති අදහසට......කලපුවෙ පෙද පාසි ටික අයි කොරල දන්නම්කො ....සමවෙන්න උන බාධාවට

    ReplyDelete