බුවා ඉතින් මල කඩන්නෙ ලෑප් එකෙන් (පේස් බුකිය ආධාරයෙන් ). ඇපාර්ට්මන්ට් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ උගෙ රූම් එකේ ජනේලයක් අයිනෙ ලැපත් තියාගෙන කන පෑලෙන්ඩ nonstop එකකුත් දාගෙන හරි හරියට වෑඩ ලු.
ඔය කියන දවසෙ රෑ ( පාන්දර )පට්ට රස්නෙයි ලු, ඒ නිසා වාලක්කඩිය ඉන්නම බෑරි තෑන ඇරිය ජනේලෙ. ටික වෙලාවකින් දෑන් මුට දෑනෙනව වතුර බින්දු දෙක තුනක් ඔලුව මතට පතිත වෙනවා. ගනන් ගත්තෙ නෑ
තව සුලු වේලාවක් ගත වෙනවාත් සමගම මල් වෑස්සක් වගෙ වතුර පාරක් රූම් එක අතුලට එනවා...ම්හ් ම්හ් යකෝ මෙන්න එක පාරටම වහිනවා,,,එහෙම කොහොමෙයි වෙන්නෙ. ඒ මදිවට මාර ප්රෙශර් එකකින් එන්නෙ. කෝකෙටත් ජනේලෙන් ඔලුව දාල බෑලුවා. අප්පද බොල.....පහල ගෙදර එකා යට ඉදන් හෝර්ස් එක අල්ලල තියෙන්නෙ ..ඌට සද්දෙ වෑඩි නිසා මල පෑනල වෙන්ට ඕනෙ, ඩයල් එකේ මෙහෙ රටේම එකෙක්. මූ මගෙ රූම් එක පෑත්තට හෑරිලා මොනවදෝ දොඩෝනව උන්ගෙ බාසාවෙන්. මම ඉතින් උට ඕනෙ රෙද්දක් කියන්න කියල කට පියාගෙන හිටියා ........ හේතු දෙකක් මත

1)සම්පූර්ණ වරද මගෙ අතේ වීම
2)ඌ කියපු කිසිම දෙයක් මට නොතේරීම
අනේ බම්බු ගහගනින් කියල මම ජනේලෙත් වහලා දාල...volume එකත් හිච්චක් විතර අඩු කොරල, ආයෙත් කොරගෙන ගිය වෑඩේට එන්ටර උනා