Friday, November 11, 2011

Rastafari


මාස ගානකට පස්සෙ කලපුවේ පාසි එහෙම අහක් කොරල බැස්සා. සියලු දෙනා මට සමාවන සේක්වා. පොඩ්ඩක් අවුල් සහගත මෙව්ව එක නිසා කාලයක් නිහඩ වෙලා උන්නෙ. ගොඩාක් අවුල් දැන් ලිහිලා වගේ හින්දා කලපුව රී-කන්ඩිශන් කොරලා ගන්න කියල හිතුවා.

කස්ටිය දන්නව නෙ Bob Marley, බුවා ගොඩාක් ෆේමස් Raggae වලට. ලොකේ පුරාම ගොඩාක් කස්ටිය අහන music style එකක් තමයි reggea කියන්නෙ. Bob Marley ගෙ appearence එක ගත්තම මුලින්ම පේන්නෙ ගොතපු කොන්ඩෙ , ගන්ජා සුරුට්ටුව & දිග රැවුල. මේක culture එකක් පොදුවෙම ගත්තොත් (ඒක ඉතින් ඕනෙ ම පොඩි එකෙක් දන්නව නෙ ) 

Rasta culture එක තමයි මේ. එලියට මෙහෙම හෙන සරල විදිහට පෙනුනට rasta කියන්නෙ ආගමක්. මේකෙ හරි නම තමයි Rastafari . මූලිකවම ඉතියෝපියා ව පදනම් කරගත්තත් rastafari ආගම බිහිවුනේ ජැමෙයිකාවෙ, ඒ 1930 දි. මේ ආගම මුලින්ම බිහිවුණේ කලු ජාතික වහලුන්ගෙන් පැවතගෙන එන ජැමෙයිකානුවන්ගෙන්. rastaල ගෙ දෙවියා නැත්තන් වන්දනා මාන වලට ලක් වන පුද්ගලයා තමයි ඉතියෝපියාවෙ Haile Selassie 1
 අධිරාජ්යායා. රස්තා ල මේ පුද්ගලයා ව සලකන්නෙ දෙවියන්ගේ පුනුරුත්පත්තිය නැත්තන් reincarnation of god යනුවෙන් .



 Haile Selassie 1


Rasta ල ගෙ පට්ට දිග ගැට ගැහුන කොන්ඩෙ නිසා පට්ට ලේසියි අදුරගන්න. මේකට හේතුව තමයි Rastafari ආගම ට අනුව ඔවුන් තට්ටය නොගෑ යුතු අතර යටි රැවුල ද නොකැපිය යුතුයි කියලා සදහන් වෙනවා. ඒත් කස්ටියකගේ මතය තමයි මේක rastaa ල වෙන සෙට් එකකඉන් ගහපු කොපියක් කියන එක. එයලා කියන විදිහට මේක කොපි කොරල තියෙන්නෙ 1953 දි කෙන්යාවෙ නිදහස් අරගලය සදහා කදු වැටි වල සැගවී සිට කොන්ඩ රැවුල් වවාගෙන සිටි mau mau  කැරලි කරුවන්ගෙන් කියලා. තවත්  මතයක් තමයි හින්දු තාපසයන්ගෙන් මේක rasta ල කොපි කරා කියන එක. මෙහෙම කොන්ඩෙ & රැවුල වැවීමෙන්  rasta ල බලාපොරොත්තු තමන් ගෙ සිරුර ස්වාභාවික විදිහට පවත්වාගෙන යන්න, මොකද මේ වගෙ වවන්න එයාල කරන එකම දේ තමයි කොන්ඩෙ & රැවුල කපන්නෙ, පීරන්නෙ නැතුව ඔහේ වැවෙන්න ඉඩ අරින එක. මේ හින්දා කාලයක් යද්දි කොන්ඩෙ ගැට ගහෙනවා ( අපි ට අප්පිරියා වුණාට ඉතින් උන් ට එහෙම නැතුව ඇති , නැත්තන් වවයි යැ ) . රස්ටා ලා ට අනුව rasta කෙනෙක් ගෙ කොන්ඩෙ දිගෙන් පිළිබිඹු වෙන්නෙ තමන් ගෙ දැනුම, නුවණ පරිණත බව සහ තමන් කොච්චර කාලයක් රස්ට කෙනෙක් වෙලා හිටියද කියන එක යි


Rasta ල එක්ක බද්ද වුණ දෙයක් තමයි cannabis නැත්තන් ඉංග්‍රීසියෙන් කිව්වොත් ගන්ජා. අපේ උන් මේක ආතල් එකට ගන්ජා ගැහුවට, මේක පාවිච්චි කරන්නෙ rasta ල තමන් ගෙ ශරීරය පිරිසිදු වෙන්න rastafari ආගමට අනුව. rasta ල ට ගන්ජා කියන්නෙ මත්ද්‍රව්යයක් නෙමෙයි ආගමික ඖශධයක්. මේක ම තමයි rastaලාගෙ පිටස්තර ලෝකය එක්ක තියෙන ගැටීමත්, මොකද අපි ඕනෙම කෙනෙක් දන්නව ගන්ජා කියන්නෙ තහනම් මත්ද්‍රව්යයක් කියලා. ජැමෙයිකාවෙ පවා ගන්ජා තහනම්. rasta ල ආගමික කටයුතු වල යෙදෙන්නෙත් ගන්ජා ගහලා ලු ( මුන්ට හුටන් ද අපි ට හුටන් ද කියල නම් අහන්න එපා ).

රතු, රන් & කොළ කියන්නෙ rasta ල ගෙ පාට තුන , මෙව්වගෙන් කියවෙන තේරුම් තියෙනව වෙන වෙන ම.
රතු පාටින් සන්කේතවත් වෙන්නෙ රුධිරය.
එතකොට රන් පැහැය කියන්නෙ අප්‍රිකාවෙ   රත්තරන් ගැන ( නෑ නෑ රත්තරන් කිව්වෙ ගෑනු ළමෙක්ට නෙමෙයි ) .
එතකොට ගහකොළ තමයි කොළ පැහැයෙන් කියවෙන්නෙ. 

ඔන්න රස්ටා ල ගැන කිය කිය ඉන්නකොට මට කතාවක් මතක් වුණා අවුරුද්දකට කලින් විතර වුණ. මේකෙන් ම පෝස්ට් එක ඉවර කොරල දාන්න හිතුනා ඉතින්


මට වුණ සීන් එකක්,හැබැයි මට ම නෙමෙයි, අපේ ලොකු අම්මගෙ හිච්චි එකාට . ඩයල් ඒක ඒ දවස්වල හිටියෙ 3 වසරෙ. අපි බුවාට පොඩ්ඩා කියමු.පොඩ්ඩා ඉතින් අපේ ගෙදර ආවම මගෙ පස්සෙමයි. ඔන්න දවසක් මම ඩයල් එකට පාරෙ යන rasta කෙනෙක් ව පෙන්නුවා.


rasta කිව්වට ඉතින් කොන්ඩෙ වවලා ඒ reggae type කිට් එකක් ගහගෙන යන නෝර්මල් පොරක්. දැන් ඉතින් අපේ පොඩ්ඩා මගෙන් අහනවා කොහොමද rasta කෙනෙක් වෙන්නෙ කියලා. මම ඉතින් ආතල් එකට වගේ මු ට කිව්වා "මල්ලි ,rasta කෙනෙක් වෙන්න ඕනෙ නම් දිගට කොන්ඩෙ වවන්න ඕනේ" කියලා.


ඔහොම ටික දවසක් ගියා කියමුකො. ඔන්න දවසක් මම රෑ 8 ට විතර පාරට ගියා පොඩි වැඩ වගේකට. පොඩ්ඩ ත් ඉතින් මගෙ එක්කම ආව බුවා ට කම්මැලියි කියලා.
එන ගමන් හන්දියේ කොත්තු කඩේට ගිහිල්ලා කොත්තු දෙකකුත් අරගෙනම එන්න ආව එනකොට. ඔන්න ඒ වෙලාවෙ කොත්තුවක් ගන්න (තොත්තුවක් එහෙම නෙමෙයි ඕන් ) ආව ටිකක් විතර වයසක අන්කල් කෙනෙක්. පොඩි එකා දැන් මේ අන්කල් දිහාම බලන් ඉන්නව. අන්කල් ගියාට පස්සෙ මම ඇහුව මොකෝ ඒ බලාගෙන හිටියෙ කියලා. මූ ඒ පාර මට කියාපි " ..... අයියේ ඒ අන්කල් rasta කෙනෙක් නේද ?" කියල.


මම දෙහුටන් වෙලා ටිකක් කල්පනා කරක ඇහුවා ඒ මොකෝ එහෙම කියන්නෙ කියලා.මම ආයෙත් ඇහුවා ඉතින් ඒ අහින්සක මනුස්සය rasta කෙනෙක් වෙන්නෙ කොහොමෙයි කියලා. ඉන් පස්සෙ මූ කියනවා මට.
.
.
.
.
"  ඇයි අයියේ ඒ අන්කල් කොන්ඩෙ වවලා නෙ"
කියලා.







9 comments:

  1. Ela katawa machan adai hariyatama meka gana danagatte ....

    Thanks

    ReplyDelete
  2. හි හි රස්තා ඈ. ඒ වුනාට මුන් කොන්ඩේ වවාන කොහොම ඉන්වද දන් නෑ. ඇදුම් අදින් නැති සෙට් එකකුත් ඉන්වා මේද මෙයාලගේ

    ReplyDelete
  3. @Madu- එල කිරි වේවා මචෝ

    @Susantha- හික් හික් කොන්ඩේ වවාගෙන ඉන්න එක නම් අවුලක් නෑ,,ඒත් බන් ආත්මෙට පීරන්නෙ නැතුව ඕක ඇතුලෙ සත්තු වත්ත වගේ ඇති

    ReplyDelete
  4. ඔය ඩ්‍රෙඩ්ලොක් එක චා එකට පෙනුනට එයාල හෙනම පිරිසිදුවට තියාගෙන ඉන්නව . . .

    ප.ලි.
    ඇති යාන්තං උඹ ලිවුව

    ReplyDelete
  5. @ඕනයා- හොදට හෝදනව එහෙම ලු නේද කපන්නෙ කරන්නෙ නති උනාට

    ප.ලි : හික් හික් සෙනසුරු මාරුවෙන් පස්සෙ ලියන්න හිතුන ද මන්ද

    ReplyDelete
  6. අදනෙ මේ බොග් එක ගැන දන්නෙ. ඔන්න ඊමේල් සබ්ස්ක්රිප්ෂන් පාරකුත් දැම්ම අලුත් පෝස්ට් එකක් දැම්මම ඊයකින් ගෙන්න ගන්න

    ReplyDelete
  7. මාර රස්ටෙක් නේ !!!
    ගොඩ කාලෙකින් ලියන්න ආපු එකත් හොදා !!

    ReplyDelete
  8. ආහ් එදා දාපු සද්දෙ ප්‍රතිපල ඇවිත් වගේ ;) මේ ගැන අද තමා ඇහුවෙ තැන්කු ඈ

    ප.ලි : ඔයාට වගේම අර පොඩි එකාටත් හුටන් නැත්තන් තමා පුදුමේ ;)

    ReplyDelete
  9. ආ..මලය..පෑනට තීන්ත පිරවිලා වගේ..එල එල.....
    නවත්තන් එපා....

    ReplyDelete